පාරක යන්නත් බය මේ දවස්වල කළුතරින් ඇහෙන ප්‍රභල වංචාව...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Kalutara Department of Motor Vehicles
By Aruna Aug 13, 2023 05:21 AM GMT
Aruna

Aruna

Report

කළුතර අපරාධ දිසාවේ ස්ථානාධිපති තිලංග සංජීව මහතාට ලද තොරතුරක් මත ඊයේ සවස සිදුකළ සිදු කළ වැටලීමක දී කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් වසම් රැසක එනම් හොරණ, බුලත්සිංහල, මිල්ලනිය පොලිස් වසම් වල සංවිධානාත්මක ලෙස ත්‍රීවිල් සහ යතුරුපැදි සොරකම් කොට එම වාහන වල කොටස් ගලවා අඩු මුදලට විවිධ ප්‍රදේශ වලට සහ ත්‍රීවිල් සහ යතුරුපැදි සේවා ස්ථානවලට අලෙවි කළ මාලමුල්ල අලයා නැමැති වයස අවුරුදු 33 වියැති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ දිසාවේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු පානදුර නගරයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී විවිධ ප්‍රදේශ වලින් සොරකම් කරන ලද ත්‍රීවිල් සහ යතුරුපැදි ඔහුගෙන් මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පිටුපස ලඳු කැලෑවේ හොර රහසේ ගාල්කොට එම කොටස්ගලවා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ReeCha