ඖෂධ සංස්ථාව හදිසියට කොරොස් කටේ අත දාන්න ගිහින් කැරැට්ටුව එළියට ආ හැටි.
Government Of Sri Lanka
By Wayomi
හදිසි යැයි පවසමින් වෛද්‍ය සැපයුම් අංශයට ලබාදීම සඳහා රජයේ ඖෂධ නීතිගත සංස්ථාව 2018 වර්ෂයේදී මිලට ගත් එන්නත් ඒකක 7000 කින් 5612ක් 2020 වර්ෂයේ ජුලි 16 වැනිදා වනවිටත් ගබඩාවල ඉතිරිව තිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙනවා.
ඒ අනුව මෙම ඖෂධයේ හදිසි අවශ්‍යතාවක් තහවුරු නොවූ බව එම කාර්යාලය පවසනවා.
ගැණුම් ඇණවුමකට අනුව (2018 වර්ෂය සඳහා වූ) ඉපොටින් ඉන්ජෙක්ෂන් (Epoetin Injection) 1000IU එන්නත් හත්දාහක් හැකි ඉක්මනින් වෛද්‍ය සැපයුම් අංශයට සැපයිය යුතු බව සැපයුම්කරුට දන්වා තිබූ අතර වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂගේ 2019 ජුනි 19 දිනැති ලිපිය මඟින්ද මෙම එන්නත් හදිසි බව දන්වා තිබූ බවයි විගණන නිලධාරීන් අවධාරණය කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |