වහාම ක්‍රියාත්මක වන පරිදි ජනපතිට ලිපියක් යවමින් ආණ්ඩුකාරවරයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි - සහයත් වෙනත් අයෙකුට..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින්, ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ.
ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.
තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවයි, එහි මුසම්මිල් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ.