කලින් රියදුරා මහ රෑ බසය උස්සයි..

Report

සුපුරුදු පරිදි රාත්‍රී කාලයේදී මගී ප්‍රවාහන බස් රථයක් එහි හිමිකරු විසින් පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේ ගාල් කර තිබියදී එම බස් රථය සොරකම් කර පලායමින් සිටි පුද්ගලයකු බස් රථයද සමග අත්අඩංගුවට ගැනීමට පානදුර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඇතුළු කණ්ඩායමට ඊයේ උදෑසන හැකි විය.

විදේශ රැකියා බලාපොරොත්තුවෙන් මෙවැනි දෙයක් කිරීමට පෙර තව වරක් සිතන්න..

විදේශ රැකියා බලාපොරොත්තුවෙන් මෙවැනි දෙයක් කිරීමට පෙර තව වරක් සිතන්න..

මෙම බස් රථය ඊට පෙර දින ධාවන කටයුතු අවසන් කරමින් රාත්‍රී කාලයේදී පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේදී ගාල් කර තිබියදී උදෑසන එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එම බස් රථය සුපුරුදු පරිදි මගී ප්‍රවාහන කටයුතු සඳහා රැගෙන යාමට පැමිණිමේදී එම ස්ථානයේ බස් රථය නොමැති බව බස් රථයේ හිමිකරුට දන්වා තිබේ.

ඉන්පසුව බස් රථයේ හිමිකරු පානදුර දකුණ පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

මෝරුන්ගේ ශරීරයේ තිබී හමු වූ භයානක දේ..

මෝරුන්ගේ ශරීරයේ තිබී හමු වූ භයානක දේ..

මෙම බස් රථ සොරකම සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පානදුරු දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතා ඇතුළු කණ්ඩායමක් ලද තොරතුරක් මත බස් රථයේ පසුපස හඹා ගොස් තිබේ.

ඉන් පසුව මෙම බස් රථය පානදුර දෙස සිට කොළඹ දෙසට ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථය පසුපස හබාගොස් මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී පොලිස් ජීප් රථය හරස්කොට මහත් ආයාසයක් යොදා එම බස් රථය පැදවු රියදුරාද සමඟ බස් රථය පොලිස් භාරයට ගැනිණ.

තමන් නීතිඥවරයකු යැයි පවසා මුදල් ගැරූ අයෙක් මාට්ටු..

තමන් නීතිඥවරයකු යැයි පවසා මුදල් ගැරූ අයෙක් මාට්ටු..

මෙසේ අත්අඩංගුවට පත්වූයේ පනස් දෙක හැවිරිදී මිනුවන්පිටිය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. මෙම සොරකම සම්බන්ධ පුද්ගලයා මීට පෙර මෙම බස් රථයේ රියදුරු වශයෙන් කටයුතු කර තිබෙන අතර කාලෙකට පෙර මෙම බස් රථය හිමිකරු විසින් ඔහුව සේවයෙන් ඉවත්කොට ඇත .

සොරකම් කරන ලද පුද්ගලයා බස් රථයේ යතුර තිබෙන ස්ථානය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබූ හෙයින් අලුයම් කාලයේ බස් රථයේ දොරකඩා ඇතුළු වී එම බස් රථයේ යතුරද රැගෙන මෙසේ බස් රථය සොරකම් කොට ඇත.

මෙම බස් රථය සොරකම් කළේ කුමටද යන්න පිළිබඳව මේ වන විට ඔහු නිසි පිළිතුරක් ලබාදී නොමැත.

ආබාධිත කාන්තාවකගේ නිවසක් හදිසියේ ගිනි ගනී..ගිනි නිවීමට පැමිණි අයෙකු ගිණි ගොඩ මැදට වැටී බරපතළ තුවාල..

ආබාධිත කාන්තාවකගේ නිවසක් හදිසියේ ගිනි ගනී..ගිනි නිවීමට පැමිණි අයෙකු ගිණි ගොඩ මැදට වැටී බරපතළ තුවාල..

පොලිසිය පැවසුවේ මෙම බස් රථය කොළඹ ප්‍රදේශයේ කිසියම් තැනක සඟවා එහි අමතර කොටස් අලෙවි කිරීමට කටයුතු කළේද යන්න පිළිබඳව සැක කරන බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය ඉදිරි විමර්ශන කරනු ලබයි .