තමන් නීතිඥවරයකු යැයි පවසා මුදල් ගැරූ අයෙක් මාට්ටු..

By Piyumika Jul 24, 2024 06:13 AM GMT
Report

නීතිඥයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් කටයුතු කළ යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

චාවකච්චේරී මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුව නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබුණි .

දූෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම් දුන්නේ තොරතුරු සඟවන්න..

දූෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම් දුන්නේ තොරතුරු සඟවන්න..

තමන් නීතිඥවරයෙකු යැයි කියා ගත් මෙම පුද්ගලයා යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ කාර්යාලයක්ද පවත්වා ගෙන ගොස් තිබේ . විදේශ රටක ජීවත් වූ කාන්තාවක් නිවාඩුවකට යාපනයට පැමිණ සිය ස්වාමිපුරුෂයාගෙන් දික්කසාද වීමට ඇතිවූ අවශ්‍යතාවයක් මත වෙනත් නීතිඥවරයෙකු හමුවීමට ගිය විට එම අඹු සැමි යුවල ඊට වසර හතරකට පෙර ව්‍යාජ නීතිඥවරයා විසින් දික්කසාද කොට ඇති බවටයි තොරතුරු හෙළි වී ඇත්තේ.

පොලිසියට පිහියක් පෙන්වා සහෝදරයාව ගෙනියන්න හැදූ සැකකරු අත්අඩංගුවට ..

පොලිසියට පිහියක් පෙන්වා සහෝදරයාව ගෙනියන්න හැදූ සැකකරු අත්අඩංගුවට ..

පසුව එම කාන්තාව මේ පිළිබදව යාපනය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී මොහු ව්‍යාජ නීතිඥයෙකු බවත්, ඉහත කී දික්කසාදය ද ව්‍යාජ ලෙස සිදු කළ එකක් බවටත්, තොරතුරු හෙළි වී තිබේ .

තවදුරටත් සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මොහු විසින් යාපනයේ ප්‍රදේශ කීපයකම පුද්ගලයින්ව රවටා විශාල මුදලක් උපයා ගෙන ඇති බවයි.

මෝරුන්ගේ ශරීරයේ තිබී හමු වූ භයානක දේ..

මෝරුන්ගේ ශරීරයේ තිබී හමු වූ භයානක දේ..

ඇප මත නිදහස් වූ මෙම ව්‍යාජ නීතිඥවරයාට එරෙහිව නඩු විභාගය සැප්තැම්බර් 19 වෙනිදා පැවැත්වීමට නියමිතය.