මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Police spokesman Sri Lanka Online business
By Hashini Oct 14, 2023 08:44 AM GMT
Hashini

Hashini

Report

 මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අන්තර්ජාලය මඟින් ලාභ ලැබිය හැකි රැකියා අවස්ථාවන් ඇති බව පවසා සැකකරු මුදල් වංචා කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මතයි.

මුහුණු පොතේ දැන්වීම් පළ කර රුපියල් 9,409,000ක මුදලක් මෙලෙස වංචා කර ඇති බවටයි පොලිසිය පැවසුවේ.

සැකකරුගේ බැංකු ගිණුම් 03ක් වෙත රුපියල් ලක්ෂ 72ක මුදලක් බැරවී ඇති බවට විමර්ශන වලදී සැකකරුගේ බැංකු ගිණුම් 03ක් වෙත රුපියල් ලක්ෂ 72ක මුදලක් බැරවී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 34ක් වන දෙනගොඩ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ReeCha