වෙනස්ම ක්‍රමයකට ප්‍රාණඝාතය ගැන කියල දුන්නු චීවරධාරියා..

Report

ගිරිඋල්ල- කජුලන්දවත්ත මාරවිල ප්‍රදේශයේ නිවසක වැඩවිසූ චීවරධාරියෙකුගේ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගිය සිද්ධියක් වාර්තා වී ඇත.

අමුතු ගුලියක් නිසා අයියාමලෝ රෝහලේ..

අමුතු ගුලියක් නිසා අයියාමලෝ රෝහලේ..

පුද්ගලයෙකු තුවාල ලබා නිවසක් තුළ සිටින බවට ගිරිඋල්ල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී අදාල තුවාලකරුවාව සොයාගෙන තිබේ.

පසුව තුවාලකරු දඹදෙනිය රෝහලට ඇතුළු කර ප්‍රථිකාර ලබමින් සිටිය දී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසීය .

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි ගල්ගොඩවත්ත, මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අදාළ  චීවරධාරියා මරණකරුගේ ඥාතියෙකු බව සඳහන් වේ.

රාජකාරියට අමතරව පතල් හාරන්න ගිය පොලිසියේ මහත්වරු..

රාජකාරියට අමතරව පතල් හාරන්න ගිය පොලිසියේ මහත්වරු..

එම සැකකරු විහාරස්ථානයක වාසය නොකර මාරවිල ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසේ වැඩවසන බවත්, අධික මත්පැන් පානය සඳහා ද ඇබ්බැහි වී සිටින බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.