රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට

Report

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ (20) නියෝග කළේ අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෛත්‍රී රනිල් හමුවෙයි

මෛත්‍රී රනිල් හමුවෙයි

එහිදී අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා.

ඒ අනුව සැකකාර රමිත් රඹුක්වැල්ල මහතා අද දින අල්ලස් කොමිසමට පැමිණ තිබෙන්නේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. 

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරයි

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරයි