ආසියානු කුසලානය බලන්න නවාතැන්පොළට යමින් සිටි තරුණයෙකුට මහමගදී දිවි අහිමිවෙයි. (PHOTOS)

Accident Death
By Wayomi Sep 12, 2022 10:10 AM GMT
Wayomi

Wayomi

Report

අද (12) උදෑසන හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මේෆීල්ඩ් මංසන්ධියේ අසලින් පුද්ගල මළ සිරුරක් හමු වී තිබෙනවා.

එම මළ සිරුර වයස අවුරුදු 30ක් වූ බලංගොඩ, මොරහැල, මැදගමමැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවයි වාර්තා වන්නේ.

ඔහු තලවකැලේ පිහිටි මාළු වෙළෙඳසලක සේවය කරමින් සිටි අයෙක් බවයි දිඹුල – පතන පොලිසිය ප්‍රකාශ කළේ.

පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ, ඔහු රිය අනතුරකින් මියගොස් ඇති බවයි.

මියගිය තරුණයා ඊයේ තලවකැලේ ප්‍රදේශයේ සිට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා හැටන් කුඩාගම ප්‍රදේශයේ නවාතැන්පොළ වෙත යන අතරතුර බීමත්ව පැමිණ තිබෙනවා.

පසුව ඔහු ප්‍රධාන මාර්ගයේ වැතිරී සිටියදී හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් ඊයේ රාත්‍රී 11.00ට පමණ බිම වැතිරි සිටි තරුණයාගේ ඇග මතින් ධාවනය වී ඇති අතර වෑන් රථයේ සිටි පුද්ගලයෙකු ඉන් බිමට බැස අනතුර දැක අනතුර පිළිබඳව පොලිසියට වාර්තා නොකර පළා යන අයුරු අනතුර සිදු වූ ස්ථානයේ වෙළෙඳසලක සවි කර තිබූ CCTV කැමරා පද්ධතියේ සටහන් වී තිබෙනවා.

අනතුර සිදු කර පළා ගිය වෑන් රථය සහ රියැදුරු අත්අඩංගුවට ගැනීමට දිඹුල පතන පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW


GalleryGallery