පොලිසියෙන් බව පවසා ගුරුවරියක්ව කොල්ලකාලා..බේරාගන්න ගිය සිසුන් පහකටත් පහරදීලා..
Sri Lanka Police
Sri Lanka
School Children
Teachers
By Piyumika
පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළාගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය පැවසීය .
මෙම පහරදීමෙන් අනතුරුව ගුරුවරිය සන්තකයේ පැවති ජංගම දුරකථනයක් ,මුදල් හා රන් ආභරණද කොල්ලකා සැකකරු පළාගිය බවට පල්ලේගුන්නැපාන පදිංචි එම ගරුවරිය කටුගස්තොට පොලීසියට පැමිණිළි කළාය.
සිද්ධියෙන් පහරකා ඇති සිසුන් පස්දෙනා එම අනපේක්ෂිත සිද්ධියෙන් ගුරුවරිය බේරාගැනීමට උත්සාහ ගත් එම විද්‍යාලයේ ඉගනුම ලබන 9 වසරේ සිසුන් බවයි පාසලෙහි ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පවසා ඇත්තේ .
මෙම පාසල කටුගස්තොට පොලීසිය ආසන්නයේ පිහිටා ඇත.
