බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක්..(VIDEO)
China
Ship
World
By Piyumika
චීනයේ, ජර්ජියං ප්‍රාන්තයේ පිහිටි නින්බෝ - ජෝවුෂන් වරායට පැමිණි බහලුම් ප්‍රවාහන නෞකාවක විශාල පිපිරුමක් සිදුව තිබේ.
පිපිරුමෙන් මේ වන තෙක් කිසිදු ජිවිත හානියක් වාර්තාවී නොමැති බවයි සදහන් වනුයේ .
තායිවාන සමාගමකට අයත් ලයිබිරියානු ධජය යටතේ යාත්‍රාකරන බහාලුම් නෞකාවක මෙම පිපිරුම සිදුව ඇත .
පිපිරුමෙන් ඇතිවු ගින්න මේ වන විට පාලනය කර ඇති අතර නෞකාවේ සේවකයින්ද ආරක්ෂිතව ඉවත්කර තිබේ .
පිපිරුමත් සමග වරායේ සිට කිලෝමිටරයක දුරකින් පිහිටි ගොඩනැගිලිවලටද හානි සිදුව ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරනුයේ .
