හිසේ තුවාලයකට රෝහලට ඇතුලත් කරපු රෝගියා මිය ගිය හේතුව ඇහුවොත් ඔයත් බයවෙනවා..

Sri Lanka Hospitals in Sri Lanka Death
By Piyumika Sep 20, 2024 02:32 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කළ රෝගියකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමෙන් අනතුරුව එම රෝගියා ජීවිතක්ෂයට පත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි අවන්ති රූපසිංහ පැවැසුවාය.

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

තියුණු ආයුධයකින් හිසට වූ තුවාල සහිතව තංගල්ල පලතුඩුව අලුත්ගොඩ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබිණි.

එම රෝගියාට “Co-Amoxiclave” නමැති ප්‍රතිජීවක එන්නත රෝහලේදී ලබාදීමෙන් අනතුරුව ඇතිවූ අසාත්මිකතා හේතුවෙන් ඉකුත් 17 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම රෝගියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වූ බව ද වාර්තා වේ.

ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කර තිබිණි.

බලන්නකෝ හිටපු මැකෝ කරන වැඩේ..(PHOTO)

බලන්නකෝ හිටපු මැකෝ කරන වැඩේ..(PHOTO)

මෙම එන්නත ලබාදීමෙන් පසු මීට පෙර රෝගීන් සිවු දෙනකු පමණ රෝහල්වලදී මියගොස් ඇත.

මෙම මරණය සහ එන්නත සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් සිදුකරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කීවේය. එන්නත සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමට එහි සාම්පල ඔස්ට්‍රේලියාවේ රසායනාගාරයක් වෙත යොමු කළද එම රසායානාගාරයෙන් තහවුරු කර තිබුණේ එම එන්නතේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

මෙම එන්නත පිළිබඳව පරීක්ෂණ සිදුකිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත රසායනාගාර වෙත යොමු කරන බවද ජාතික ඖෂධ නියාමන අධිකාරිය මීට ඉහතදී ප්‍රකාශ කර තිබිණි.

සෙරෙප්පුවක් නිසා වෛද්‍යවරයකුට වූ හදියක්.. (VIDEO)

සෙරෙප්පුවක් නිසා වෛද්‍යවරයකුට වූ හදියක්.. (VIDEO)

එසේම ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේදී ඇතැම් පුද්ගලයන්ට සංකුලතා ඇතිවිය හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම එන්නත තාවකාලිකව රෝහල්වලින් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ (19) පස්වරුවේ පියවර ගෙන තිබුණි.

පසුගිය කාලයේදී කුරුණෑගල රෝහලේදී රෝගියකුට ලබා දුන් Co-Amoxiclave ප්‍රතිජීවක ඖෂධයක තත්ත්වය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් පවතින බවත් එය භාවිතයට සුදුසු තත්ත්වයේ නොපවතින බව නිරීක්ෂණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවකද සඳහන් විය.

පොලිසියේත් ඇස උඩ ගිය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි දේ ..

පොලිසියේත් ඇස උඩ ගිය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි දේ ..

මේ හේතුවෙන් එම ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් විගණනයට ඉදිරිපත් කරන්නැයි වගකිවයුතු නිලධාරින්ට අවස්ථා දෙකකදී දැනුම් දී තිබුණද ඉකුත් මැයි මාසය වනතුරු එය ලබා දී නොතිබිණි.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව කීවේ තත්ත්වයෙන් බාල ඖෂධ නොමැති බව ප්‍රකාශ කළ නිලධාරින් එම තනතුරුවලින් ඉවත්විය යුතු බවයි. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අසල මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.