උසස් පෙළ අසමත් වූවන්ටත් නව මඟක්...

By Parami Dissanayake Jun 01, 2024 04:56 PM GMT
Report

 අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මේ වනවිට නිකුත් කර තිබෙන උසස් පෙළ විභායේ ප්‍රතිඵලවලට අනුව කිසිම දරුවෙක් සමත් වුවත් අසමත් වුවත් ඔහු පරාජිතයෙකු නොවන බවයි.

බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීම පිළිබඳව විවාද කළ නොහැකි බව ජනපති පවසයි...

බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීම පිළිබඳව විවාද කළ නොහැකි බව ජනපති පවසයි...

ඒ අනුව,

"ඊයේ ආපු උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව කිසිම දරුවෙක් සමත් වුණත් අසමත් වුණත් ඔහු පරාජිතයෙකු නොවේ. දරුවන්ට අවශ්‍යනම් නැවත වරක් උසස් පෙළ හදාරලා බලන්න පුළුවන්. ඊට අමතරව දුවලා පුතාලට නිපුනතා සහ කුසලතා අනුව කටයුතු කරන්න පුළුවන් වෘත්තීමය ආයතන තියෙනවා...

මීටර් 400 ඉසව්වෙන් අරුණ සහ තරුෂි පළමු තැනට...

මීටර් 400 ඉසව්වෙන් අරුණ සහ තරුෂි පළමු තැනට...

වැඩ තුනම අසමත් දරුවන්නට උසස් පෙළ වෙනුවට ඩිප්ලෝමා පාඨමාලාවක් කරන්න පුළුවන්. ඒ ඩිප්ලෝමාවේ ප්‍රතිඵල පදනම් කරගෙන උපාදියක් ගන්න පුළුවන්. අද ලෝකයේ රටේ එවැනි අද්වීතිය පුද්ගලයෝ ඕනේ තරම් ඉන්නවා. අතීතය කොතරම් අසමත් වුණත් ඒවා ඔහුට උරුමයක් නොවේ..."