බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදීම පිළිබඳව විවාද කළ නොහැකි බව ජනපති පවසයි...

Report

 අද (01) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම, කිරිවත්තුඩුවේ ඉදිකෙරුණු “ගුරුදෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය” විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවම බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු යැයිද එම මූලධර්මය ආරක්ෂා කිරීමේ වගකීම විධායකයට, ව්‍යවස්ථාදායකයට මෙන්ම අධිකරණයට ද පැවරෙන බවත්, ඒ සම්බන්ධයෙන් කිසිවකුට විවාද කළ නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මීටර් 400 ඉසව්වෙන් අරුණ සහ තරුෂි පළමු තැනට...

මීටර් 400 ඉසව්වෙන් අරුණ සහ තරුෂි පළමු තැනට...

එය වෙනස් කිරීමට කිසිවකුට අවශ්‍ය නම් වහාම ගොස් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස තමා ඔවුන්ට දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුනම මේ රටේ බෞද්ධ ධර්මයට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බව පිළිගැනීම අවශ්‍ය බව ජනාධිපතිවරයා එහි දී අවධාරණය කළේය .

ජෝ බයිඩන් නව සාම සැලැස්මක...

ජෝ බයිඩන් නව සාම සැලැස්මක...

එමෙන් ම, ජනාධිපතිවරයා ඊට සහයෝගය ලබා නොදී සිටීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු බැඳී සිටින බවත් අවධාරණය කළේ ය.

වැඩි දුරටත් අදහස් දැක වූ රනිල් වික්‍රමසිංහ මහතා ජනතා පරමාධිපත්‍ය, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ භෞමික අඛණ්ඩතාව සුරැකීම මෙරට ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රධාන මූලධර්ම බව ද පෙන්වා දුන්නේ ය.

අප සෑම විටම ඉදිරියට යා යුත්තේ එම මූලධර්මආරක්ෂා කර ගනිමින් බවත් ඊට විරුද්ධව කථා කිරීම ව්‍යවස්ථාව උල්ළංඝනය කිරීමක් බවත් එතුමා අවධාරණය කළේ ය.