තායිවාන විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මීටර් 400 පිරිමි සහ කන්තා ඉසව් දෙකෙන් පළමු ස්ථාන හිමි කරගෙන ඇති බව වාර්තා වේ.
එලෙස පළමු ස්ථානය හිමිකර ගෙන ඇත්තේ, අරුණ දර්ශන සහ තරුෂි කරුණාරත්න යන ක්‍රීඩකයින් ය.
අරුණ දර්ශන මීටර් 400 පිරිමි ඉසව්ව තත්පර 45.82කින් නිම කරමින් පළමු ස්ථානයට පත් ව ඇත.
එමෙන් ම, තරුෂි කරුණාරත්න ද කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 52.48කින් නිම කරමින් පළමු ස්ථානය දිනා ගත්තා ය.