ඊ තක්සලාවට අලුත් විෂයක් එක් කරයි

By Hashini Jun 07, 2025 08:54 AM GMT
Report

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ අදට යෙදී ඇති ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව ඊ- තක්සලාවට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව විෂය මාලාවක් එක්කිරීමටයි.

විද්‍යූත් ඉගෙනුම් විෂය මාලාවක් හරහා මෙරට සිසුන් ආහාර සුරක්ෂිතතාව විෂය ඉගෙනුම අරඹන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

මෙම විෂය මාලාව වයස අවුරුදු අටේ සිට 12 දක්වා ළමයින් සඳහා නිර්මාණය කර ඇති අතර ඒ තුළ අන්තර් ක්‍රියාකාරී මොඩියුල 27ක් මෙන්ම ආහාර සුරක්ෂිතතා සංකල්ප ඇතුළත් දෘෂ්‍ය නිරූපණ වීඩියෝ පාදක පාඩම් 14 ක් ඇතුළත්.

මෙම ව්‍යාපෘති සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සහය සහ යුරෝපා සංගමයේ මුල්‍ය දායකත්වය හිමිවනවා.

සබරගමු සරසවියේ දුෂණ හොයන්න කමිටුවක්

සබරගමු සරසවියේ දුෂණ හොයන්න කමිටුවක්