වැනිසියේ සංචාරය කරන්නන්ට නව නීතියක්...

By Parami Dissanayake Jun 01, 2024 05:40 PM GMT
Report

සංචාරක කණ්ඩායමක ප්‍රමාණය 25 දෙනෙකුට සීමා කිරීමේ නව නීතියක් වැනීසියේ බලාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට බලධාරීන් පෙන්වා දෙන්නේ, ඉතාලි නගරයට අධික සංචාරක ව්‍යාපාරයේ බලපෑම සීමා කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

පුස්ඇලි ඔය පිටාර ගලා පාදුක්කේ මාර්ග 02ක් අවහිර වේ...

පුස්ඇලි ඔය පිටාර ගලා පාදුක්කේ මාර්ග 02ක් අවහිර වේ...

2024 වසරේ පළමු කාර්තුව වන විට වැනීසිය යුරෝපයේ වැඩි ම සංචාරකයින් පිරිසක් සංචාරය කරන ස්ථානය ලෙස ශ්‍රේණිගත වී තිබුණි.

එමෙන් ම, 2021 මගී නෞකා මුලින් තහනම් කිරීමෙන් පසු වැනීසිය මේ වසර මුලදී නගරයට දෛනික ඇතුල්වීමේ ගාස්තුවක් හඳුන්වා දුන් අතර, එම ගාස්තුව යුරෝ 5 කි.

එය ශ්‍රී ලංකා රුපියල් 1,632 කි. කොවිඩ් වසංගතය ආරම්භවීමත් සමග සංචාරකයින් සංඛ්‍යාව පහත වැටි ඇති බව සඳහන් වේ. එමෙන්ම, නගරය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම ද තහනම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උසස් පෙළ අසමත් වූවන්ටත් නව මඟක්...

උසස් පෙළ අසමත් වූවන්ටත් නව මඟක්...

දේශගුණික විපර්යාසවල බලපෑම සහ සංචාරක ව්‍යාපාරයේ බලපෑම ආපසු හැරවිය නොහැකි ලෙස නගරයේ වෙනස්කම් ඇති ඇති කර ඇත.

එබැවින්, පසුගිය වසරේ යුනෙස්කෝ සංවිධානයේ නිලධාරීන් අනතුරු ඇඟවීමෙන් පසු මෙලෙස සංචාරක නීතිවල වෙනස්කම් සිදුකිරීමට ඉතාලිය තීරණය කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.