පුස්ඇලි ඔය පිටාර ගලා පාදුක්කේ මාර්ග 02ක් අවහිර වේ...
By Parami Dissanayake
පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් පාදුක්ක නගරය හරහා ගලා බසින පුස්ඇලි ඔය පිටාර ගලා ඇත.
ඒ හේතුවෙන් පාදුක්ක නගරයට පිවිසෙන මාර්ග දෙකක් ජලයෙන් යට වී තිබෙනවා.
එබැවින් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පොලීසිය පවසයි.
පාදුක්ක හංවැල්ල පාර සහ පාදුක්ක ඉංගිරිය පාර මෙලෙස ජලයෙන් යට වී ඇත.
එමෙන් ම, පාදුක්ක නගරයේ පහත්බිම්වල තිබූ නිවාස රැසක් ද ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි