කොටස් වෙළඳපොළෙන් නව වාර්තාවක්
පසුගිය කාල සීමාවේදී කොටස් වෙළඳපල සීඝ්‍රයෙන් ඉහළ යාමකට ලක්වූූ අතර ඒ අතරතුර විවිධ උච්ඡාවචනයන් වලට මුහුණ දුන් කොළඹ කොටස් වෙළඳපළ අද වන විට නව වාර්තාවක් පිහිටුවා තිබේ.
ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි. එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි. අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.