අනුරගෙන් තවත් සහතිකයක්

Report

රටේ පළාත් පාලන ආයතන 152 ක් මන්ත්‍රීවරු ගැසට් කළ විගසම පිහිටුවීමේ හැකියාව ජාතික ජන බලවේගයට ඇති බව ජනාධිපති අනුර කුමාර පවසා සිටිනවා.   

එසේම තනි කඳවුරක් ලෙස වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි කරගත් පළාත් පාලන ආයතන 115 වෙහිම ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් සභා පිහිටුවන බව ජනාධිපති අනුර දිසානායක  සහතික වුනේය.

කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉගනගන්න කෝටි දෙකක්.. - ඇමති අරුණගේ කතාවට නලින්ද හරස් වේ..

කොතලාවල විශ්වවිද්‍යාලයේ ඉගනගන්න කෝටි දෙකක්.. - ඇමති අරුණගේ කතාවට නලින්ද හරස් වේ..

තවමත් ජන වරමේ බලය ඇත්තේ ජාතික ජන බලවේගයට බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියා.   

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරා

“අපිට විරුද්ධව දේශපාලන කඳවුරක් නැහැ. සුන්බුන් ගොඩක් පමණයි තිබෙන්නේ, මතවාදයක් සහ සමාජයේ ඉදිරි දැක්මක් සහිත කිසිවෙක් නැහැ. ඉතාමත් අපරිණත ළදරු දේශපානලයක් ඵළියේ තිබෙන්නේ. අප අභිමුඛව තිබෙන්නේ දේශපාලන කඳවුරක් නොවෙයි, සමාජයක් ලෙස අප අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ ආපසු හැරවීම සඳහා වූ අගතීන්වල එකතුවක්. "

පළාත් සභා මැතිවරණය වසරකින් කල් යන ලකුණු..

පළාත් සභා මැතිවරණය වසරකින් කල් යන ලකුණු..

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරී පත් වූ පළාත් පාලන නව මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේ දී පැවති හමුවේදීය.