පළාත් සභා මැතිවරණය වසරකින් කල් යන ලකුණු..
විශ්වාසදායක ආරංචි මාර්ගවලට අනුව, පළාත් සභා මැතිවරණය තවත් වසරක පමණ කාලයක් කල් දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසීමකදී, ඔහු පැවසුවේ, “පළාත් සභා මැතිවරණය සඳහා සූදානම් කිරීම් තවමත් ආරම්භ කර නැහැ” යනුවෙනි. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවද ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, බොහෝ දේශපාලන පක්ෂ මේ වන විට පළාත් සභා මැතිවරණයට සූදානම් වෙමින් සිටින බව පෙනේ. සමහර පක්ෂ ඒ වන විටත් ඔවුන්ගේ මහ ඇමති අපේක්ෂකයින් නම් කර තිබෙනවා.
විශේෂයෙන්, බොහෝ පළාත් සභාවල නිල කාලය අවසන් වී වසර දහයකට වඩා වැඩි කාලයක් ගත වී ඇති බවත් වාර්තා වේ.