අධිකරණයට නව පනතක් ගෙනයි.

Dr Wijeyadasa Rajapakshe Sri Lanka Government Of Sri Lanka Ministry of justice Sri lanka
By Hashini Oct 14, 2023 07:23 AM GMT
Hashini

Hashini

Report

රජය නව පනතක් ගෙන ඒමට තීරණය කර තිබෙනවා.

එම පනත තුළින් අධිකරණ මඟින් විත්තිකරුවන්ට නියම කරනු ලබන දඬුවම් ක්‍රමවේදය වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම නව පනත අධිකරණවල සිදුවන නඩු පමාව අවම කිරීමේ කඩිනම් පියවරක් වශයෙන් ගෙන ඒමට නියමිතයි.

අධිකරණ අමාත්‍ය ආචාර්ය වියදාස රාජපක්‍ෂ සඳහන් කරන්නේ ,මෙම පනත යටතේ යම් වරදක් මුල් අවස්ථාවේදීම පිළිඅරගෙන පොඩි නඩුවකට හෝ අඩු දඬුවමකට එකඟතාවයට ඇවිත් නඩුව කඩිනමින් අවසන් කිරීමේ ක්‍රවේදයක් සකස් කිරීමට මෙහිදී බලාපොරොත්තු වන බවයි.

වර්තමානයේ පවතින දඬුවම් ක්‍රමවේදයට අනුව ගොඩක් පුද්ගලයන් වරද පිළිගන්න අකැමැති වෙන්නෙ අධිකරණ විනිසුරුවන් දැඩි දඬුවම් නියම කරනු ඇති යන බියෙන් බවද අමාත්‍යවරයා පවසනවා.

අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

‘‘අධිකරණවල විශාල වශයෙන් ගොඩ ගැසී තිබෙන නඩු භාණ්ඩ ඉවත් කි​රීම සඳහාත් මේ වන විට නව ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. එලෙස අධිකරණවල ගොඩ ගැසී තිබෙන නඩු භාණ්ඩ නියම හිමිකරු මාස 03ක කාලයක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වුවහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් නඩුවට බැර කරනවා. නඩුව දින්නොත් ඒ සල්ලියි පොලියයි දෙකම ගන්න පුළුවන්. නඩුව පරාජය වුණොත් එම මුදල් ආණ්ඩුවේ ඒකාබද්ධ අරමුදලට බැර කරනවා’’ යනුවෙනි.

ReeCha