අඩු පොලියට ණය දෙන අලුත් බැංකුවක්..විශාල පිරිසකට ආධාර..

Central Bank of Sri Lanka Anura Dissanayake Sri Lanka Politician Businessman
By Aruna Jun 04, 2024 03:27 AM GMT
Aruna

Aruna

Report

සංවර්ධන බැංකුවක් පිහිටුවා ගොවීන්ට අඩු පොළියට ණය ලබා දෙන බව ජාතික ජන බලවේග පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කර සිටිනවා.

අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ, එම පක්‍ෂය විසින් හිඟුරක්ගොඩදී පවත්වන ලද ගොවිජන රැළියක් අමතමින්.

අමුණක් කැඩී යාමෙන් ප්‍රධාන රෝහලක් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

අමුණක් කැඩී යාමෙන් ප්‍රධාන රෝහලක් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..


එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙම සංවර්ධන බැංකුව පිහිටු වන බවයි.

‘ලෝකයේ කෘෂිකර්මාන්තය දියුණු වුණු රටවල් කිහිපයක් තිබෙනවා.

තායිලන්තය, වියට්නාමය, චීනය, ඉන්දියාව මේ සෑම රටකම සංවර්ධන බැංකුවක් තිබෙනවා. අපි දියුණු සංවර්ධන බැංකුවක් ආරම්භ කරනවා.

ගොවි ජනතාවට අවශ්‍ය මූලික මුදල් අඩු පොලී අනුපාතිකයකට ලබාදෙන්න. ඊළඟට වැඩිහිටි ගොවී ජනතාව බලා ගැනීමේ වගකීම තිබෙන්නෙත් ආණ්ඩුවට.

මේ පුද්ගලයින්ට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් නොකරන බවට දැනුම්දීමක්..

මේ පුද්ගලයින්ට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් නොකරන බවට දැනුම්දීමක්..


ඒ ගොවි ජනතාව සඳහා කෘෂි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙනවා.

ඒ ගොල්ලන්ගේ ජීවිතයේ වැඩ කළ නොහැකි තත්ත්වයට පත්වුණාම යැපීමට සමත් ආධාර මුදලක් ලබා දෙනවා’

ReeCha