පළමු වරට අභිරහස් ආකාශ වස්තුවක් සොයා ගැනේ
By Hashini
සෑම විනාඩි 44කට වරක් දීප්තිමත් රේඩියෝ තරංග සහ එක්ස් කිරණ නිකුත් කරන ආකාශ වස්තුවක් තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබෙනවා.
විද්‍යාඥයින් පවසන්නේ එක්ස් කිරණ හා සම්බන්ධ ආකාශ වස්තුවක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බවයි.
ඕස්ට්‍රේලියාවේ කර්ට්න් රේඩියෝ තාරකා විද්‍යායතනයේ විද්‍යාඥයින් පවසන්නේ මෙම ආකාශ වස්තුන් සහ ඒවා අසාමාන්‍ය සංඥා නිකුත් කරන්නේ කෙසේ ද යන්න තවමත් අභිරහසක් බවයි.
මෙම වස්තුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 15000ක් පමණ දුරින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිහිටා ඇති මන්දාකිණියේම පිහිටා තිබෙනවා.