ආව කෝපයෙන් බිරිඳ ඝාතනය කර කුස්සියේ දී ම කැබලිත් කරලා - විමර්ශනවල දී නොහිතපු දෙයක් එළියට..
By krishani
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු ඇයව ඝාතනය කර පසුව සිරුර කැබලිවලට කැපූ සැමියෙකු පිළිබඳ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ.
ඒ ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේ ටුමකුරු ප්රදේශයේ ය.
ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලකින් පසුව ඊයේ (27) රාත්රියේ මෙම අපරාධය සිදුව ඇති බව තොරතුරු වාර්තා වේ.
එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුෂ්පා නැමැති කාන්තාවක් ය.
මේ වන විට අණාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් හටගෙන ඇති බවයි.
ඔවුන් දෙදෙනා තම 08 හැවිරිදි දරුවා සමඟ කුලී නිවසක ජීවත්ව ඇති අතර සැකකාර සැමියා විසින් බිරිඳගේ හිස ගසා දමා ඇගේ සිරුර නිවසේ මුළුතැන්ගෙය තුළ දී කැබලි කර තිබෙනවා.
ශිවරාම් නමැති සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වූයේ ඔහු ලී මෝලක සහායකයකු ලෙස සේවය කළ අයෙක් බවයි.