සිව්වරක් විවාහ වූ පියෙක් කුඩා දරුවන් තිදෙනෙක්ව ඝාතනය කරලා - දැරියක් කුස්සියේ වළ දාලා.. පොලිසිය ඔහු ගැන කීව අමුතු කතාව..
තම කුඩා දරු තිදෙනාව ඝාතනය කළ පියෙක් සම්බන්ධයෙන් පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ.
එරට පොලිසිය සඳහන් කළේ සොන්සැක් සොන්ග්සීන්ග් නම් එම සැකකරු සිය පෙර විවාහයේ දරුවන් දෙදෙනෙක්ව ද ඝාතනය කළ බවයි.
මෙලෙස ඔහුට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ පසුගිය සතියේ ඔහුගේ නිවසේ කුස්සියේ වළදමා තිබූ දෙහැවිරිදි දැරියකගේ සිරුරක් හමුවීමෙන් පසුවයි.
සැකකරු තමාට මානසික ආබාධයක් ඇති බවත් දරුවන්ගේ ඇඬිල්ල දරා ගැනීමට නොහැකි බවත් පොලිසියට පවසා තිබෙනවා.
මේ අතර එරට පොලිසිය විසින් මෙම ඝාතන සම්බන්ධයෙන් ඔහුගේ වර්තමාන බිරිඳ සහ හිටපු බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, සැකකරු සිව් වරක් විවාහ වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.