අද ඉඳන් Govpay දඩත් වැඩ
අද (28) දින පටන් බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල Govpay ඔස්සේ ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් බව සඳහන්.
එසේම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ එම කටයුත්ත සාර්ථක කරගැනීමට අවශ්‍ය නිලධාරීන්ට දැනටම අවශ්‍ය පුහුණුව ලබාදී ඇති බවයි.
එමෙන්ම අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිත බව ද බිමල් රත්නායක මහතා පවසා ඇත.
කෙසේ වෙතත් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.