මඟුල් ගෙදර යන්න අම්මා හැඩ වෙද්දි සිඟිති දියණිය ඇලට වැටී මරුට
ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳ දිඹුල පතන ප්‍රදේශයෙන් වාර්තාවේ.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
ඒ කුඩා දැරියක් ඇලකට වැටී මිය යාමේ පුවතකි. ඒ අනුව මල්වර උත්සවයකට මව සමග යෑම සඳහා සිය වැඩිමල් දියණියට ඇඳුම් අන්දවා දැරියගේ මව ලෑස්ති වී සිය දියණිය සොයන අවස්ථාවේ දියණිය නිවසේ නොසිටි නිසා අසල්වාසීන්ගේ සහයෝගය ඇතිව දියණිය සොයන අවස්ථාවේ දියණියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබී හමුවී ඇති බව දිඹුල පතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටී.
මියගිය දැරියගේ නිවස ඉදිරිපිටින් ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයකට දැරිය වැටී එම ජල පහර දිගේ මීටර් 100ක් පමණ එපිටින් වූ ඩෙවොන් ඇළට දැරිය ගසාගෙන යන්නට ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සැක කරයි.
මියගිය දැරිය නිවුන් දරුවකු බවත්, ඇයට තවත් නැගණියකද සිටින බව ජීවිතක්ෂයට පත් බිළිඳාගේ ඥාතීහු කියා සිටී. දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලි ද පරික්ෂණ පවත්වයි.
