මම සංචාරේ වෙලානාවලින් පටන් ගත්තා, උත්තමාචාර මැද මාව පිළිගත්තා ජනපතිගෙන් සටහනක්[PHOTOS]

Report

අද (28) දින පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතට තමා ළඟා වී මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කළ බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි මීට සුළු මොහොතකට පෙර සටහනක් තබා ඇත.

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

ඒ අනුව එහි සඳහන් වූයේ,

"මාලදිවයිනේ රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වීමි. මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ සිදු වූ පිළිගැනීමේ අවස්ථාවට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාද සහභාගි වී සිටියේය. ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද අලංකාර සංස්කෘතික නර්තනය නැරඹීමටද එක් වීමි." යනුවෙන්.

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

මෙසේ මාලදිවයිනේ සංචාරය සඳහා ජනාධිපතිවරයා පිටව ගියේ මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත බව සඳහන්.

එසේම මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව වාර්තා වේ.

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

GalleryGalleryGalleryGalleryGalleryGallery