නීතිවිරෝධීව ධීවර කටයුතු කල පිරිසක් නාවික හමුදා දැලේ

Report

ගතවූ සති දෙකක කාලය තුළ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 65 දෙනෙකු නාවිකා හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ත්‍රිකුණාමලය, නිලාවේලී, පුත්තලම සහ මන්නාරම ඇතුළු ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිත වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම්වලදී මොවුන් සිය භාරයට ගෙන ඇත.

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?

තහනම් ධිවර දැල් හා විදුලි ආලෝක ධාරා භාවිතය, වලංගු බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් ප්‍රවාහනය යන නීතිවිරෝධි කටයුතුවලට අදාළව මෙම සැකකරුවන් 65 දෙනා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පැවසුවේ එමෙන්ම එහිදි ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 16 සමඟ තහනම් ධීවර දැල් 05ක් ද සිය භාරයට ගත් බවය.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. 

ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක්

ගාසා තීරයේ උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක්