දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට, තවත් අයට බරපතළ තුවාල[PHOTOS]
By Kaushi
දකුණු-බටහිර ජර්මනියේදී ඊයේ (27) දින පස්වරුවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් කිහිප දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවයි.
එසේම ස්ටුට්ගාර්ට් නගරයේ පොලීසිය විසින් ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය මායිම් වන ජර්මනියේ රීඩ්ලිංගන් සහ මුණ්ඩර්කිංන් (Riedlingen and Munderkingen) නගර අතරදී දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති බව වාර්තා කර ඇත.
එහිදී දුම්රියේ පුද්ගලයන් 100ක් පමණ සිටි බවට පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් අඳාළ අනතුරට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැති බව සඳහන්.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

