ගේ,දොර සින්න වෙද්දි අඹු සැමි යුවල ණයයි, පොලියයි ජීවිතෙන් ගෙවයි
By Mithu
ගේදොර ඉඩකඩම්, උගසට සින්නවී යද්දී, ඥාති මිත්‍රාදීන්ගෙන් ගත් ණය කන්දක් සේ ඉහළ නගිද්දී එම පීඩනය ඉවසාගත නොහැකි වූ බිංගිරිය - වීරපොකුණ ප්‍රදේශයේ අඹු සැමි යුවලක් තම ජීවිතය ණයට හිලව් ලෙස වසපානය කර සියදිවි හානි කරගෙන ඇත.
මෙසේ දෙදෙනාම එක්ව එකට වසපානය කර මියගොස් ඇත්තේ වීරපොකුණ-ඉහළ කෝන්කඳවල පදිංචිකරුවන් වූ සුසන්ත සිසිර කුමාර (42) හා නිර්මලා ශාන්තිලතා දමයන්ති (40) නමැති එක්දරු මව්පිය දෙපළකි.
මීට පෙර වතාවකදීත් මේ දෙදෙනා මෙසේ දිවි නසා ගැනීමට තැත්කර සිටියදී මොවුන්ගේ සහෝදරියක විසින් එම ණය මුදල්වලින් කොටසක් ගෙවා ඔවුන් ණය බරින් නිදහස් කොට ගෙන තිබූ බව මරණ පරීක්ෂණයේදී හෙළිදරව් විය.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු බිංගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. චතුරංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලබයි.