මේකද නීතිය?රේගුවේ කන්ටේනර් 400න් 6ක් විතරක් පන්නලා

Crime Law and Order Sri Lanka Customs Latest Headlines Sinhala news
By Ashfa Jul 28, 2025 04:53 AM GMT
Ashfa

Ashfa

Report

කොළඹ වරායේ රේගුවේ රඳවා සිටි ආනයනික ලුණු සහිත කන්ටේනර් 400 කට අධික ප්‍රමාණයකින්, කන්ටේනර් 06ක් අදිසි හස්තයකින් රේගුවෙන් පිටකර ඇති බව රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

"පිරිමි දෙන්නෙක් දරුවෝ හදන්නේ කොහොමද? සමලිංගික විවාහයන්ට මම විරුද්ධයි"

ඉන් මීට පෙර, 2025 ජුනි 10 වැනිදාට පෙර නැව්ගත වූ කන්ටේනර් මුදාහැරීමේ කටයුතු ආරම්භ කරන බවට නිල වශයෙන් දැක්වුණද, ජුනි 12 වැනිදා නැව්ගත වූ 06 කන්ටේනර් මෙමගින් විශේෂ ලෙස නිදහස් කර ඇති බවට චෝදනා තිබේ.

එමෙන්ම, ජුනි 11 සහ 12 වැනි දිනවල නැව්ගත කරන ලද වෙනත් ව්‍යාපාරිකයින්ගේ කන්ටේනර් තොග තවමත් රේගුවේ රඳවාගෙන සිටින අතර, එවැනි තත්ත්වයකදී කෙසේ මෙම 06 කන්ටේනර් පමණක් නිදහස් කළේද යන්න පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ව්‍යාපාරිකයින් ඉල්ලීම් කරයි.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මේ වන විටත් රේගුවේ රඳවා ඇති කන්ටේනර් නිසා වැඩිවෙන ප්‍රමාද ගාස්තු වලට ව්‍යාපාරිකයින් මුහුණපාන අතර, මාසයකට ආසන්න කාලයක් මෙසේ ගතවී ඇති බවද ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ගාස්තු වැඩි වීම හේතුවෙන්, ව්‍යාපාරිකයන්ට එම කන්ටේනර් ලබා ගැනීම ආර්ථික පරිදී නොගැලපෙන තත්ත්වයකට පත්වී ඇති අතර, එය රාජසන්තක කිරීමකට හසුවිය හැකි අවදානමක් ඇති බවද සදහන් වේ.

එසේ රාජසන්තක කළ කන්ටේනර් රාජ්‍යය හරහා අලෙවි කරන අවස්ථාවේ, මේ වනවිට ලුණු අලෙවියට සෘජුවම සම්බන්ධ වන්නාවූ එම 06 කන්ටේනර් මුදාගත් ව්‍යාපාරිකයාම එම සමුද්‍ර ලුණු මිලදී ගැනීමේ සහ වෙළෙඳපොළට නිකුත් කිරීමේ සැලැස්මක් ඇතිව තිබේද යන්න පිළිබඳ සැකයක් ඇති වී ඇත.

තවද, මෙම ආයතනයක් ලුණු වෙළෙඳපොළේ ඒකාධිකාරියක් ලෙස ක්‍රියාත්මක වන බවත්, මේ වනවිට හම්බන්තොට ලුණු ලේවාය මඟින් දේශීය ලුණු අස්වැන්නත් නෙළී සිටින බැවින්, රේගුවේ රඳවා ඇති ආනයනික ලුණු කන්ටේනර් රාජසන්තක කිරීමේ අවදානම ඉහළ යාමක් ඇති බවද ආරංචිමාර්ග අවධාරණය කරයි.

ReeCha