මුණුබුරු යෝෂිතගේ සහ ආච්චි ඩේසිගේ නඩුවට ආයෙත් දින

Report

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ආකාරයට පත්කර ගැනීම පිළිබඳව චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් නැවත එළඹෙන සැප්තැම්බර් මස 22 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

දැන් ඉතින් බිත්තර රොටී කොත්තු රොටී කන ආසාව ඇතෑරගන්න තමයි වෙන්නේ

අඳාළ නඩුව අද දින කොළඹ මහාධිකරණ මිනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවා තිබෙනවා.

එහිදී යෝෂිත රාජපක්ෂ මහතා සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම නඩුවේ සාක්ෂියක් වශයෙන් වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම විගණන වාර්තාව සකස් කිරීමට ඊ මේල් පණිවුඩ අඩංගු සීඩී තැටි 26 ක් සහ සැනලි දාරක කීපයක් පිළිබඳව ප්‍රවේශ වී පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙසයි.

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

හෝමාගම වැඩ පෙන්නන්න ගිය තිලිණි ප්‍රියමාලි අත්අඩංගුවට

එසේම අඳාළ ඉල්ලීමට තමන් එරෙහි නොවන බව ද රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇත. එනිසා එම පැමිණිල්ල යළි එළඹෙන සැප්තැම්බර් මස 22 වනදා කැඳවීමට දින නියම වී තිබෙනවා.

අඳාළ නඩුව රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ආකාරයට උපයා ගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා වීස්න් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර ඇත.

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල

වස්තුව සරුවෙන,අත මිට කාසි රැඳෙන අද දවසේ සුබ ඵල