පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවෙක් යළිත් TID යට රැගෙන එයි.

Sri Lanka Police Easter Attack Sri Lanka
By Wayomi Apr 22, 2023 05:55 AM GMT
Wayomi

Wayomi

Report

ලංකාවේදී අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියන මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා නම් සැකකරු දින තුනක් ත්‍රස්ත විමර්ශණ ඒකකයේ රදවාගෙන ප්‍රශ්න නිරීම සඳහා ඊයේ (21) අධිකරණයට අවසර ලබා දී තිබෙනවා.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සාමාජිකයකු විසින් කරන ලද ප්‍රකාශවලට අනුවයි.

මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා නමැති සැකකරුගෙන් ප්‍රශ්න කරමින් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ක්‍රියා කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය වෙත කරුණු වාර්තා කරමින්, ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් අවසර ඉල්ලූ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා ඊයේ (21) මේ අනුව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත අවසර ලබා දී ඇත.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන නඩුවේ මොහු ඇතුළුව සැකකරුවන් 24කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන් ද මොහු ඇතුළු තවත් සැකකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතී.

මොහොමඩ් ඉබ්රාහිම් සාදික් අබ්දුල්ලා පාස්කු ප්‍රහාරයට ප්‍රථම මාලදිවයින කරා ගොස් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩා‍යමේ පුහුණුව ලබා විදේශීය ත්‍රස්තයින් සමඟ සබඳතා පවත්වා ඇති බවට ද කරුණු අනාවරණය වන බවට අධිකරණය වාර්තා කරනවා.

මීට අමතරව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මෙම සැකකරු ද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතින බවට අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු මේ මස 24 වන දින සිට 28 වන දින දක්වා ත්‍රස්ත ඒකකයේ රඳවා තැබීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන‍ ලෙසට බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග නිකුත් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW