ත්‍රිරෝද රථ රියදුරා ඇරඹි අනියම් සංගමය වළපල්ලෙන් කෙළවර වේ

By Sewvandhi Nov 30, 2021 04:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුත්තලම දෙවන හරස් වීදිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් එක අයෙක් තවත් පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි අනුරාධපුර පාර, පුත්තලම ලිපිනයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්දයෙන් 33 හැවිරිදි තිල්අඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අතර, එම කටයුතුවලදී හඳුනාගත් කාන්තාවකගේ නිවසට ඊයේ (29) පෙරවරුවේ පැමිණ ඇත.

එම අවස්ථාවේදී කාන්තාවගේ අසල්වාසි ඥාතීන් තිදෙනෙකු පැමිණ මෙම සැකකරු සමග ආරවුලක් ඇතිකරගෙන තිබේ. එහිදි ඇතිවූ පහරදීමකදී මෙම ඝාතනය සිදු වී ඇත.

එම කාන්තාවගේ සැමියා විදේශ රටක සේවය කරන බව පොලීසිය සඳහන් කළේය. සැකකාර ත්‍රිරෝද රථ රියදුරු අද (30) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW