අවසනාවන්ත ලෙස පුද්ගලයෙක් දුම්රියට පැන සිය දිවි නසා ගනී..ලිපියක්ද හමුවෙයි..
By Sewvandhi
වව්නියාව ඉරට්ටපෙරියකුලම් සහ වව්නියාව දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි වව්නියා පොලීසිය පැවසීය.
කොළඹ සිට යාපනය කන්කසන්තුරෙයි දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ උත්තරදේවී සීග්‍රගාමී දුම්රියට මෙලෙස ඊයේ සවස පුද්ගලයෙකු ගැටීමෙන් මිය ගොස් තිබුනු අතර මළ සිරුර දුමරියේම රැගෙන වව්නියාව දුම්රිය ස්ථානයට භාර දී තිබුණි.
අදාල පුද්ගලයා දුම්රියට පැන දිවනසාගෙන ඇති බවටද පොලිසියට සැකපල වී ඇත්තේ මළ සිරුර ආසන්නයේ පවුල් ආරවුලක් හේතුවෙන් දුම්රියට පැන දිවිනසාගන්නා බවට ලිපියක් හමු වී ඇති බවටද පොලීසිය පැවසිය.
මෙලෙස මිය ගොස් ඇත්තේ 56 හැවිරිදි වව්නියාව තවසිකුලම් ප්‍රදේශයේ පදිංචි කන්දයියා රවී නැමති අයෙකු බවටද පරික්ෂණ සිදුකරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |