ගුරුවරියගේ රන් මාලය කඩාගෙන ගිය තරුණයාට හිතන්නෙවත් නැති දෙයක් තමා වෙලා තියෙන්නෙ..

Sri Lanka Police Sri Lanka Latest Headlines
By Piyumika Jul 04, 2024 08:54 AM GMT
Piyumika

Piyumika

Report

ගුරුවරියකගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙළබැදි මාලයක් කොල්ලකා පලාගිය තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පස්සර නගරයේ පාසලක සේවය කරන එම ගුරුවරිය පාසල නිමවීමෙන් පසුව, පස්සර වැල්ලවාය බස් රථයකින් හිගුරුකඩුව, කොටමුදුනට පැමිණ අතුරු මාර්ගයක් ඔස්සේ පාගමනින් ගොස් තිබුණි .

වසර 1,300 ක් පුරාවට ගලක සිරවී තිබූ අභිරහස් පුරාවෘත්ත ප්‍රංශ කඩුව අතුරුදහන් වේ..

වසර 1,300 ක් පුරාවට ගලක සිරවී තිබූ අභිරහස් පුරාවෘත්ත ප්‍රංශ කඩුව අතුරුදහන් වේ..

එම බස් රථයේම පැමිණි තරුණයෙක් ගුරුවරිය පසුකර ඉදිරියට ගොස් මුවආවරණයක් පැළඳ ගුරුවරිය ඉදිරියට යළි පැමිණ තිබේ .ඔහු එසේ පාලු ස්ථානයකදී එක්වරම ගුරුවරියගේ මුහුණට මිරිස් කුඩු ගසා ගෙල බැඳි මාලය කොල්ලකා දිවගොස් ඇත.

මෙහිදී ගුරුවරිය කෑගසන විට අසල්වාසීන් පැමිණ පලාගිය සැකකරු ලඳු කැළෑවක සැගවී සිටියදී අල්ලාගෙන තිබේ .

එහිදී ගුරුවරියට අයත් මාලය සොයාගෙන තිබූ අතර එය රුපියල් 500ක ඉමිටේෂන් මාලයක් බවයි වාර්තා වී ඇත්තේ .

පවුල් විසින් අත හැර දමූ හෝ අමතක වූ මළසිරු වල අයිතිකරුවන් සොයයි..

පවුල් විසින් අත හැර දමූ හෝ අමතක වූ මළසිරු වල අයිතිකරුවන් සොයයි..

පසුව ඉමිටේශන් මාලය සමඟ සැකකරු ගම්වාසීන් විසින් පොලිසියට බාර දුන් දී තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌවපැල්වත්ත 6 කනුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයකු බවයි හිගුරුකඩුව පොලිසිය පවසා සිටියේ .