රජයෙන් " රා " සැණකෙළියක්.ලාංකිකයන්ට විශේෂ අවස්ථාවක්.

Ranjith Siyambalapitiya Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jan 14, 2023 11:28 AM GMT
Wayomi

Wayomi

Report

පොල්, කිතුල් සහ තල් රා සැණකෙළියක් පැවැත්වීමට සූදානම් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, ශ්‍රී ලංකාවේ නිපදවන පොල්, කිතුල් සහ තල් රා සඳහා දෙස් විදෙස් වෙළෙඳ පොළේ ඇති ඉල්ලුම තවත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්.

එමෙන්ම මෙම සැණකෙළියේදී පොල්, කිතුල් හා තල් ආශ්‍රිතව නිපදවන අනෙකුත් නිෂ්පාදන ද අලෙවි කිරීමට දේශීය නිෂ්පාදකයන්ට අවස්ථාව ලබා දීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම සැණකෙළියට ශ්‍රී ලාංකිකයන්ට ඇතුළුවීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

මේ වනවිට ශ්‍රී ලාංකික සමාගම් කිහිපයක් තල් හා කිතුල් රා රටවල් කීපයකට අපනයනය කරන අතර පලතුරුවලින් නිපදවන ‘‘සයිඩර්’’ නමැති බීම වර්ගය සහ ‘‘කිරි පොන්සා’’ නමැති බීම වර්ගයද අපනයනය කිරීමට මුදල් අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙනවා.     


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW