මෙවර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Report

විභාග දෙපාර්තමේන්තුව මඟින් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව අද (04) දින මධ්‍යම රාත්‍රි 12.00 සිට සම්පූර්ණ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් බව සඳහන් කරයි.

ඒ අනුව මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශන සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු අද (04) දින මධ්‍යම රාත්‍රි 12.00 සිට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කරයි.

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

ලංකා විදුලි බල මණ්ඩලයෙන් රටටම නරක ආරංචියක්

කෙසේ වෙතත් මෙවර උසස් පෙළ විභාගය රට පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී එළඹෙන 10 වන දින ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 05දා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයැදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිත බවත් වාර්තා වේ.

අද මේ ලග්නවලට මෙහෙම හිතුනට කරන්න නම් යන්න එපා එහෙම වුණොත් විනාසයි

අද මේ ලග්නවලට මෙහෙම හිතුනට කරන්න නම් යන්න එපා එහෙම වුණොත් විනාසයි

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

ඉදිරි මාස කීපයපය තුළ ගුරු වෘත්තියට යන්න ඉන්න අයට සුභ ආරංචියක්