උසස් පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක් - ආපදා දැනුම්දීමට දුරකථන අංක 5ක්
ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වෙන කාලසීමාව තුළ ඇති විය හැකි ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීම සඳහා නව දුරකථන අංක 5ක් හඳුන්වාදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමඟ එක්ව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
විභාග ආරම්භයට පෙර සිට විභාග අවසන් වන තෙක් සහ ඊට පසු දිනය දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම සැලසුම සකස් කර ඇති බවද ඔහු පැවසීය. ආපදා තත්ත්වයක් ඇති වුවහොත් සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාම, ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය, විභාග රාජකාරි සඳහා සහභාගී වන නිලධාරීන්ගේ කටයුතු ඇතුළු අවශ්‍ය පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව සඳහන් වේ.
විභාග දිනයට පෙර දින මෙම නව දුරකථන අංක 5 ප්‍රකාශයට පත් කරන බවත්, හදිසි අවස්ථා සඳහා 117 දුරකථන අංකය ද විවෘතව පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම කාලගුණික හා තාක්ෂණික තොරතුරු වාර්තා පැය 3කට හෝ පැය 6කට වරක් ලබාදීමට නියමිත අතර, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව විභාග කාලසීමාව පුරා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරනු ඇත.