උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවත් කල් යයි.?...

Education A/L exam Exam department Scholarship exam Susil premajayantha
By Aruna Oct 06, 2021 01:53 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර දරුවන් පාසල් ගිහින් තියෙන්නේ දවස් 5යි – ඇමැති කියයි දැනට පැවැත්වීමට දින නියම කර ඇති උසස්පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග තවදුරටත් කල් දමන ලෙස ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

හෙතෙම මේ අදහස් පල කළේ අද (5) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ පැනයකට පිළිතුරු ලෙසයි.

කොවිඩ් වසංගතය හමුවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු බරපතල ආකාරයෙන් අඩාල වූ බැවින් මෙවර උසස්පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් දැමිය යුතුය යන්න තම පෞද්ගලික මතය බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළා.

මිට අමතරව බස්නාහිර පළාතේ දරුවන් පාසල් ගිය දින ගණන දින පහක් බවත් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha