දැවැන්ත පාලමක් එකපාරටම කඩා වැටෙයි - වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)
By krishani
දැවැන්ත පාලමක් කඩා වැටී ඇති පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙයි.
ඒ සුළඟකට හසු වීමෙන් ය.
මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයෙන් ය.
මෙලෙස කඩා වැටී ඇත්තේ ඉදිකරමින් පැවති පාලමක කොටසක් වන අතර අධික සුළං තත්ත්වය සමග පාලමේ අඩි 100ක පමණ කොටසක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
එම පාලම කඩා වැටීමට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් මංගල උත්සවයක පුද්ගලයින් 65 දෙනෙකු රැගත් බස් රථයක් ද ගමන්කර ඇත.
මෙම අනතුරින් ඔවුන්ට කිසිදු අනතුරක් නොවීම විශේෂත්වයක් වේ.
කෙසේ වෙතත්, මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
වීඩියෝ දර්ශන - NDTV
.