හමුදා සෙබළකුගෙන් උණුවතුර ප්‍රහාරයක්... ප්‍රමාදය පසුතැවීමට හේතුවේ.

Sri Lanka a-hot-water-attack Karapitya hospital
By Aruna Sep 15, 2021 06:34 AM GMT
Aruna

Aruna

Report

කරාපිටිය රෝහල උණුසුම් වෙයි කරාපිටිය රෝහලේ ආපන ශාලාව තුළදී යුද හමුදා සෙබළකු සහ රෝහල් කම්කරුවකු අතර ඊයේ (14දා) ගැටුමක් ඇතිවී තිබෙනවා.

මුහුණට උණු වතුර ගැසීම නිසා පිලිස්සුම් තුවාල ලැබූ රෝහල් කම්කරුවා මේ වනවිට රෝහලට ඇතුළත් කළ බව රෝහල් පොලිසිය සඳහන් කරනවා බද්දේගම අම්පෙගම පදිංචි දැනට අනුරාධපුර සාලියවැව කඳවුරේ සේවය කරන සෙබළකු ඔහුගේ අට හැවිරිදි පුතාට අසනීප වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත්කර සාත්තුවට ළඟ සිට ඇති අතර දරුවා උණ වතුර ඉල්ලීම නිසා ඔහු උණ වතුර ලබා ගැනීමට ආපන ශාලාවට ගොස් තිබෙනවා.

  එම අවස්ථාවේ රෝහල් කම්කරුවාද පැමිණ තේ ඉල්ලා ඇති අතර ,තේ සහ උණු වතුර දෙන්නේ එකම කවුළුවකින් නිසා ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් හමුදා සෙබළා සහ කම්කරුවා අතර බහින් බස් වීමක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී හමුදා සෙබළාගේ හිසට පහරක් එල්ලවී ඇති අතර, ඒ සමඟම හමුදා සෙබළා ද තම අත තිබූ උණු වතුර භාජනයෙන් කම්කරුවාගේ මුහුණට දමා ගසා තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයකු පැවැසුවේ පිලිස්සුම් තුවාල ලැබූ කම්කරුවාගේ තත්ත්වය බරපතළ නොවන බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now