මරණාධාර සමිතියක් උණුසුම් වෙයි..නිලධාරීන් ලක්ෂ 450ක විශාල හොරකමක් කරයි(PHOTOS)

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Prisons in Sri Lanka
By Aruna Oct 01, 2023 07:42 AM GMT
Aruna

Aruna

Report

එප්පාවල කටියාවේ අමරණීය මරණාධාර සමිතියේ රුපියල් ලක්ෂ 450 ක මුදල් රමණීය ලෙස හොරකම් කළ නිළධාරීන්ගේ නිවෙස් ඉදිරිපිට විරෝධතා පවත්වා පොල් ගැසීමේ සිදුවීමක් වාර්තා වනවා.

එප්පාවල කටියාව යාය 01 ප්‍රදේශයේ මෙම සමිතියට අයත් සාමාජික මහත්මයෙකු මියයෑම නිසා ඒසදහා මුදල් ලබාදීමට නොමැතිවීමෙන් හදිසියේම අද දිනයේ මෙම මරණාධාර සමිතියේ මහා සභාව රැස්වී තිබෙනවා.

එහිදී අදාල සමිතියේ රුපියල් ලක්ෂ 450ක මුදලක් එම සමිතියේ නිලධාරීන් විසින් වංචනික ලෙස සොරකම් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම සමිතියේ සාමාජිකයින් 500ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම සැලවීමත් සමඟ එම සමිතියේ සාමාජිකයින් අදාල නිලධාරීන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

එම සිදුවීමට අදාල වැඩි විස්තර පහතින් බලන්න.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha