හිම කැට වැස්සෙන් 87කට වුන අකරතැබ්බ.
Weather
By krishani
පෙරේදා (21) දින ඊසානදිග කොලරාඩෝ ප්‍රදේශයේ රාත්‍රී කාලයේ හිම කැට පතනයක් ඇති වී තිබෙනවා.
එයින් පුද්ගලයින් 87 දෙනෙකු තුවාල ලබා ඉන් 7 දෙනෙකු රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම ඊයේ (22) දහවල් එම ප්‍රාන්තයේම ගංවතුර තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.
එම තත්ත්වයෙන් දැඩි දේපළ හානියක් සිදුව ඇති බවත් මෙම කුණාටු තත්ත්වය තවමත් අවසන් වී නොමැති බවත් එරට බලධාරීන් පවසා ඇත.