හිටපු ජවිපේ සාමාජිකයන් ඇතුළු පිරිසක් අනුරලාගේ වත්කම් ඉල්ලයි

Report

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ප්‍රකාශ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අයදුම්පත්‍රයක් යොමු කළ බවයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ඉල්ලා මැතිවරණ කොම්ෂන් සභාවටද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසූවේ ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන බවයි.

ඒ තොරතුරු ලබාගත යුත්තේ එම කොමිෂන් සභාවෙන් බවත් ඒවා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නැති බවත් ඔහු කීවේය. ආණ්ඩුවේ දේශපාලනඥයන් රැසකගේ වත්කම් බැරකම් ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීමෙන් ඒ සම්බන්ධයෙන් සමාජයේ ප්‍රබල කතා බහක් මතුව ඇත.