නාමල්ට ලැබුණ දේපල ඔක්කොම බිරිඳගෙන්ද ලැබුණේ? ඇමති වසන්තට ප්‍රශ්නයක්
පසුගිය කාල සීමාවේදී අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුවේ තවත් සාමාජිකයන් රැසක් තමන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඇමති වසන්ත සමරසිංහ සතු විශාල ධනස්කන්ධයක් පවතින බවට සමාජය තුළ කතාබහක් නිර්මාණය විය.ඒ අනුව මේ පිරිසට මෙතරම් ධනස්කන්ධයක් ලැබුණුයි කෙසේද යන්න පිළිබඳව ප්‍රශ්න කරද්දී ඇමති වසන්ත සමරසිංහත් නාමල් රාජපක්ෂගේ වත්කම් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි.
එහිදී ඔහු සඳහන් කළේ නාමල්ට ලැබුණු මේ සියලු වත්කම් ඔහුගේ බිරිඳගෙන් ලැබුණාද යන්න පිළිබඳව සොයා බැලිය යුතු බවයි.ඒ වගේම තවත් සමහරක් දෙනා තමන්ට වත්කම් ලැබුණේ යාළුවන්ගෙන් බවත් ඒ පුද්ගලයන්ගේ නම ගම් අමතක බවත් සඳහන් කර තිබුණු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අවසානයේදී ඔහු ප්‍රකාශ කළේ ඔහූගේ වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව සියලු දේ ඔහුට මතක බවත් ඒවා නිවැරදි දත්ත ලෙස මේ වන විටත් ඇතුළත් කොට ඇති බවයි.