අල්ලස් ගෙන රාජ්‍ය නිලධාරියෙකුට වැඩ වැරදී...

Report

ඊයේ (25) මහනුවර, හීරැස්සගල ප්‍රදේශයේ අල්ලස් ලබාගත් ග්‍රාම නිලධාරීවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හමුදා සේවකයින් විසි දෙනෙකු මරුට - දින තුනක ශෝක කාලයක්

හමුදා සේවකයින් විසි දෙනෙකු මරුට - දින තුනක ශෝක කාලයක්

ඒ, ඉඩම් ගැටලුවක් විසඳීම සඳහා එම අදාළ ග්‍රාම නිලධාරීවරයා කාන්තාවකගෙන් රුපියල් 25,000ක මුදලක් ඉල්ලා තිබීමෙනි.

ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව කොමිසමට පැමිණිලි කර ඇත.

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් වැඩ පිළිවෙලක් අරඹයි...

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් වැඩ පිළිවෙලක් අරඹයි...

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අල්ලස් මුදල ලබා දෙන අවස්ථාවේදී ම ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් ග්‍රාම නිලධාරීවරයා ලබන මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර අධිකරණය නියෝග කර තිබේ.