හමුදා සේවකයින් විසි දෙනෙකු මරුට - දින තුනක ශෝක කාලයක්

By Parami Dissanayake Jun 26, 2024 02:18 PM GMT
Report

සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ නයිජර් හි හමුදා සාමාජිකයින් 20 දෙනෙකු සහ තවත් සිවිල් වැසියෙකු මියගොස් ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, තවත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් අදාළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා ඇති බවයි.

[LMFYSNU ]

මෙම සිදුවීම බුර්කිනෝ ෆාසා හි දේශසීමා ආසන්නයේදී සිදු ව ඇති අතර, එය සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන්නට ඇති බවට එරට බලධාරීන් සැක පළ කරන්නේ ය.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් හෙට සිට දින 3ක ජාතික ශෝක කාලයක් ද නයිජර් බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.